කටුවල කෑම
එක ගමක ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාල කටුවල කන්න හරිම ආසයි. උදේ කැලේට ගිහින් දවල් වෙන කොට කටුවල කූඩයක් ම හාරාගෙන එනවා. ගමහාමිනෙත් කටුවල තැම්බෙන්න තියලා, පොල් ගාලා හොඳ ලුණු මිරිසක් හදනවා. කටුවල තම්බුනහම වට්ටියකට හලනවා. හැබැයි ඔක්කොම අල ටික වැටෙන්නෙ නෑ. අල ටිකක් රොස් වෙලා හට්ටියෙම ඉතුරු වෙනවා. " කූඩයකින් ම තිබුණෙ මෙච්චරද?" කියලා ගමරාල අහන කොට "මුල් වලටයි, පොතුවලටයි ගිහාම මෙච්චර තමයි" කියලා ගම හාමිනේ බුම්මා ගන්නවා. ගම හමිනෙත් කටුවල කන්න ගොඩක් ආසයි. ඒ හින්ද, හිතලම අල ටිකක් රොස් වෙන්න තියනවා. ගමරාලත් කොහොම හරි හොරේ දැනගත්තා. එක දවසක් ගම හාමිනේට හොරෙන්, හට්ටිය පතුලේ පොල්තෙල් ගාලා තිබ්බා. ගම හාමිනේ අල ටික සුද්ද කරලා, තැම්බුවා. තම්බපු අල ටික වට්ටියට හලන කොට අල ඔක්කොම වට්ටියට හැලුණා. ගමරාලයි, ගමහාමිනෙයි කටුවල කන්න පටන්ගත්තා. "අනේ ඔයාගේ තාත්තා අන්තරා වුණේ කොහොමද?" කියලා ගම හාමිනේ අල කන ගමන්ම කතාව පටන්ගත්තා. "අපේ පවුලේ ගොඩක් හිටියා. තාත්තා ජීවත් වෙන්ඩ බැරිම තැන හේනක් කොටන්ඩ වන්නියට ගියා. එහේදී කැලෑ උණ හැදුණා. ගෙදරට ආවේ උණ විකාරෙන් වෙවුල ගෙන. අන්තිමට බේර...