Posts

Showing posts from August, 2022

වලිගෙ තමයි ලෙඩේ

ඔන්න එකෝමත් එක ගමක ප්‍රසිද්ධ හොරෙක් හිටියා. මේ හොරා , කාගේ හරි එළු පට්ටියකින් එළුවෙක් හරි කුකුළු පට්ටියකින් කුකුලෙක් හරි හරක් පට්ටියකින් හරෙකෙක් හරි හොරකම් කරන්න පුරුදුවෙලා හිටියා.   එක දවසක් මේ හොරා එළු පැටියෙක් හොරකම් කරගෙන , ඌව තුවායකින් ඔතාගෙන කරේ තියාගෙන දුවගෙන යනවා. අතරමගදී මෙයාට මනුස්සයෙක් මුණ ගැහුණා.   " කොහෙද උඹ මේ හදිස්සියෙන් දුවන්නේ ? ඔහු හොරගෙන් ඇහුවා. " පුතාට බේත් ටිකක් ගන්න වෙද ගෙදරට යනවා." හොරා කිව්වා. " මොකක්ද ලෙඩේ ?" " මට හරියටම කියන්න බෑ. වෙද මහත්තයාගෙන්ම තමයි අහන්න වෙන්න." කියලා හොරා යන්න හැදුවා. එතකොටම මේ මනුස්සයා දැක්කා වලිගයක් තුවායෙන් එළියට ඇවිල්ලා තියෙනවා. " පුතා නම් වලිගයක් කොයින්ද ?" මේ මනුස්සය ඇහුවා. " වලිගෙ තමයි ලෙඩේ." කියලා හොරා කියනකොටම එළු පැටියා බෑ.. බෑ.. කියලා කෑගැහුවා. " බෑ කියලා කොහොමද ඔය වලිගෙ වැටෙන්න බෙහෙත් ගන්නම ඕනෑ." කියමින් හොරා ගමන ඉක්මන් කළා.