ජන කතා පරම්පරාවෙන් පරම්පරාවට කට වහරින් පැමිණි නිර්මාණාත්මක කතා විශේෂයකි. සාමාන්‍ය ජනතාවගේ හපන්කම්, මෝඩකම්, කපටිකම්, පුරසාරම් ආදි විවිධ ගතිලක්ෂණ ගැන කියවෙන ජන කතාවලින් පොදු සමාජ ජීවිතයේ ස්වරූපය විසිතුරු ලෙස විදහා දක්වයි. අප කුඩා කල ඇසූ කතාන්දර වර්තමානයේ දරුවන්ට අසන්නට නොමැතිය. එකල දෙමව්පියන් හෝ ආච්චි සීයා හෝ වෙනත් වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට කතාන්දර කියා දෙන ලදි. නමුත් අද දරුවන්  කරන්නේ රූපවාහිනය හෝ පරිගනකය නැරඹීම පමණි. ඔවුන්ට කතාන්දර කියා දීමට වැඩිහිටියන් ගෙදර නොමැත. නැතිනම් ඔවුන්ට කාලයක් නැත.

මගේ දියණියට දැන් වයස අවුරුදු 15 කි. නමුත් ඇය කුඩා කල ඇසූ කතාන්දර ඇසීමට තවමත් ඉතාමත් කැමැත්තක් දක්වයි. මා ඇයට කියා දුන් කතාන්දර ඇය මා ඉදිරියේ නොකීවත්, ඇයගේ කුඩා සොයුර සොයුරියන්ට කියාදෙන බව මම දනිමි. ඔවුන් පවසන්නේ ''අක්කා" මේ කතාන්දරය කියා දුන්නා කියා පවසයි. කතාන්දර ඇසීමට කුඩා දරුවන්ට ඇති ආශාව, උනන්දුව මම දැක ඇත්තෙමි. ඔවුන් ඉතා ආශාවෙන් ඒවා අසන විට අපටත් සතුටක් දැනේ. නමුත් අද කතාන්දර ඇසීමට දරුවන්ටත් කාලයක් නැත.

මා අසා ඇති, මා කියවා ඇති ජන කතා එක් කර මෙහි ඇතුලත් කිරීම මගේ අරමුණයි. එවිට එම කතාන්දර නොනැසී පවතිනු ඇතැයි මම සිතමි. කවුරුන් හෝ මෙම කතාන්දර කියවා සතුටක් ලබනු ඇතැයි සිතමි.

Comments

Popular posts from this blog

ගමරාළ පිට්ටු උයපු හැටි

වලිගෙ තමයි ලෙඩේ

රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai