ඔන්න එක ගමරාළ කෙනෙක් හේනක් කෙටුවා. හේන වටේ දඬු වැටක් බැඳලා, පැලකුත් හැදුවා. මුං, තල, කුරහන්, වට්ටක්කා, කැකිරි, පුහුල්, බටු, බණ්ඩක්කා, ඉරිඟු වගේ බෝග ජාති ගොඩක් වගා කළා. ගමරාල හුඟක් මහන්සි වෙලා වැඩ කෙරුවා. හේන සරු සාරව තිබුණා. ඔන්න ඉතින් අස්වැන්න නෙළන කාලේ ළං වුණා. දැන් තමයි වැඩියෙන් හේන රැක බලා ගන්න ඕන. මොකද කැලේ ඉන්න මුවෝ, වල් ඌරො වගේ සත්තු හේනට ඇවිත් හැමදේම කාලා විනාශ කරල දාන හින්දා. කැලේ සත්තු හේනට එන්නේ රෑට. ඒ හින්ද හේනෙම නවතින්න ඕන කියලා ගමරාල තීරණය කළා. උදේ වරුවම හේනේ වැඩ කරපු ගමරාල ගෙදර ගියා. "මේක කරන්න බෑ. වල් ඌරො රංචු පිටින් හේනට පනිනවා. මම අද ඉදලා පැලේ නවතිනවා. හාමිනේ මට ඔය උයා පිහා ගන්න ඕන අඩුම කුඩුම ටික ලෑස්තිකරලා දුන්නනං." ඔන්න එදා හවස ගමරාල ඕන කරන බඩු මුට්ටු ටිකත් අරගෙන, රෑට කන්න බත් මුලකුත් බැදගෙන හේනට යන්න පිටත් වුණා. කන්න දෙයක් හොයාගෙන ගම කිට්ටුවට ආපු නරිරාලට ගමරාලව මුණගැහුණා. "මේ බඩු මුට්ටුත් උස්සගෙන කොහෙද යන්නේ?" නරිරාල ඇහුවා. ''මම යන්නේ පැලේ නවතින්න, නැවතිලා රෑට පැල් රකින්න. නරිරාලත් කැමතිනං යං. අද රෑට කන්න හොඳ බත් මුලකුත් තියන...
Comments
Post a Comment