වලිගෙ තමයි ලෙඩේ

ඔන්න එකෝමත් එක ගමක ප්‍රසිද්ධ හොරෙක් හිටියා. මේ හොරා, කාගේ හරි එළු පට්ටියකින් එළුවෙක් හරි කුකුළු පට්ටියකින් කුකුලෙක් හරි හරක් පට්ටියකින් හරෙකෙක් හරි හොරකම් කරන්න පුරුදුවෙලා හිටියා.

 එක දවසක් මේ හොරා එළු පැටියෙක් හොරකම් කරගෙන, ඌව තුවායකින් ඔතාගෙන කරේ තියාගෙන දුවගෙන යනවා. අතරමගදී මෙයාට මනුස්සයෙක් මුණ ගැහුණා.

 "කොහෙද උඹ මේ හදිස්සියෙන් දුවන්නේ? ඔහු හොරගෙන් ඇහුවා.

"පුතාට බේත් ටිකක් ගන්න වෙද ගෙදරට යනවා." හොරා කිව්වා.

"මොකක්ද ලෙඩේ?"

"මට හරියටම කියන්න බෑ. වෙද මහත්තයාගෙන්ම තමයි අහන්න වෙන්න." කියලා හොරා යන්න හැදුවා.

එතකොටම මේ මනුස්සයා දැක්කා වලිගයක් තුවායෙන් එළියට ඇවිල්ලා තියෙනවා.

"පුතා නම් වලිගයක් කොයින්ද?" මේ මනුස්සය ඇහුවා.

"වලිගෙ තමයි ලෙඩේ." කියලා හොරා කියනකොටම එළු පැටියා බෑ.. බෑ.. කියලා කෑගැහුවා.

"බෑ කියලා කොහොමද ඔය වලිගෙ වැටෙන්න බෙහෙත් ගන්නම ඕනෑ." කියමින් හොරා ගමන ඉක්මන් කළා.

Comments

Post a Comment

Popular posts from this blog

ගමරාළ පිට්ටු උයපු හැටි

රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai